Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තය T20 තරඟය ධනුෂ්ක ගුණතිලකට අහිමිවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:42

නවසීලන්තය T20 තරඟය ධනුෂ්ක ගුණතිලකට අහිමිවෙයි

නවසීලන්තය සමග අද පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 තරගය ධනුෂ්ක ගුණතිලකට අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත මෙම තරගය මෙරට වේලාවෙන් උදෑසන 11 යි තිහට ආරම්භ වීමට නියමිතයි. ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට මෙම තරගය අහිමිවී තිබෙනවා.

වම් පාදයේ ආබාධයකට ඔහු ලක්ව ඇත්තේ දෙරට අතර පැවති අවසන් එක්දින තරගයේදීයි. තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරතවීමට බලාපොරොත්තු වන බව නායක ලසිත් මාලිංග පවසනවා.

ලොව හොදම පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම බවට යළි ශ්‍රී ලංකා කණ්ඩායම පත් කිරීමට කටයුතු කරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්