Life+News The Official News Portal of Independent Television Network Ltd

තරඟ පාවාදීම් සඳහා ආරාධනා කර ඇත්නම් දැනුම්දීමට ICCයෙන් සහන කාලයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:20

තරඟ පාවාදීම් සඳහා ආරාධනා කර ඇත්නම් දැනුම්දීමට ICCයෙන් සහන කාලයක්

බුකීකරුවන් මුදලට තරග පාවාදීම් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ආරාධනා කර ඇත්නම් ඒ පිලිබද දැනුම්දීමට දින 15 ක සහන කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ටෙස්ට් වරම් දිනාගත් රටවල් අතර මුදලට තරග පාවාදීම් අතින් ලොව දූෂිතම රට ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය පසුගියදා නිවේදනය කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ස්ටීව් රිචට්සන් මහතා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් හා නිලධාරීන් සමග ඔහු පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සාකච්චාවකට එක්වුණා. එහිදී ඔහු කියා සිටියේ බුකීකරුවන් මුදලට තරග පාවාදීම් සදහා පෙලබවීම් සිදුකර ඇත්නම් ඒ පිලිබද තමන්ට වාර්තා කරන ලෙසයි.

එවැනි පෙලබවීම් සිදු කර ඇත්නම් ඒ පිලිබද වාර්තා කිරීමට සහන කාලය ලබන 16 වනදා සිට 31 වනදා දක්වා ක්‍රියාත්මක බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

ඒ සදහා වෙනම කාර්යාලයක් ඉදිරියේදී පිහිටුවීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්