පාසල් දරුවන් ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් මුලිනුපුටා දැමීම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
පාසල් අවට සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා අවශ්‍ය නීතිද කඩිනමින් සකස් කරන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ. මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (10) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන්නා. පාසල් අවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා දරුවන් මතට ඇබ්බැහිවීම පිළිබද තොරතුරු තමන් වෙත ලැබී ඇති බවයි ජනාධිපතිතුමා කියාසිටියේ. එවැනි ව්‍යසනයකට හිස එසවීමට කිසිසේත් ඉඩ නොතබන ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන්නා. මත්ද්‍රව්‍ය පාලනය කිරීම සදහා රජය මේ වනවිටත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා නීති අනපනත් සංශෝධනය කිරීමේ කාර්යයද මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ. මත්ද්‍රව්‍ය වලට අදාළ විමර්ශන කටයුතුවලදී අදාළ සියලු ආයතනවල සහාය ලබාගැනීමට ද කටයුතු කෙරෙනු ඇති. බන්ධනාගාරවල ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබදවද මෙම සාකච්ඡාවේදී අවදානය යොමු වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සාකච්ඡාවට එක්ව සිටියා.