Life+News The Official News Portal of Independent Television Network Ltd

සය පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් දෙදෙනෙකුට මරණ දඬුවම

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 13:16

සය පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් දෙදෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයන් හය දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කළ දෙදෙනෙකුට  කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කළා.

1999 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයන් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවටයි ඔවුන් මෙසේ වරදකරුවන් කෙරුණේ. වාහනයක ගමන් කරමින් සිටියදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී මෙම හයදෙනා ඝාතනය කර තිබුණා. මේ සම්බන්ධයෙන් විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබුණේ නීතිපතිවරයායි. විත්තිකරුවන් දෙදෙනෙකු එහිදී නිදොස් කෙරුණා. අනෙක් දෙදෙනාටයි මරණ දඩුවම නියම කෙරුණේ. ඒ ජූලිගේ ප්‍රසන්න සහ සම්පත් ප්‍රනාන්දු යන අයටයි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණය තීරණය කළේ අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 13:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්