ලොව ධනවත්ම පුද්ගලයා වන ලෝක ප්‍රකට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් දික්කසාද වීමට තීරණය කළා.
සිය බිරිද වන 48 හැවිරිදි මැක්කෙනිස් සමග ඒකාබදධ නිවේදනයක් ඔහු සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශයට පත්කර ඇතිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන් දෙදෙනා වසර 25 ක කාලයක් විවාහ ජීවිතය ගතකර තිබෙනවා. 54 හැවිරිදි බෙසොස් ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ඇමරිකා ඩොලර් බිලියන 137ක ධනවත් භාවය හේතුවෙන්. එය මයික්‍රසොෆ්ට් සමාගමේ හිමිකරුවන බිල් ගේට්ස්ට වඩා ඇමරිකා ඩොලර් බිලියන 45 කින් වැඩි ධනවත් බවකින් යුක්ත වන්නේ යැයි විදෙස් ප්රවෘත්ති වාර්තා පෙන්වා දෙනවා.