විශේෂ අවස්ථාවල ඡායාරූපයක් ලබාගැනීම අනාගතයට අගනා සිහිවටනයක් වුවත් ඇතැමුන් සිදුකරන නොසැලිකිලිමත් ක්‍රියා නිසා වටිනා ජීවිත අහිමි වන ආකාරය දැකගත හැකියි. මේ වන විට සෙල්ෆි උන්මාදය හේතුවෙන් ජීවිත විනාශ වූ සංඛ්‍යාව අති විශාලයි. එවැනි පුවතක් අපට වාර්තා වන්නේ දකුණු පලාතෙන්.
මුලටියන නෙල්ලම්පිටිය ප්‍රදේශයෙන් 45 ක කණ්ඩායමක් කතරගම වන්දනාවේ පැමිණියේ පිනුත් රැස් කරගෙන විනෝදයකුත් ලබාගැනීම සදහායි. එහෙත් ඔවුන්ගේ සතුට ගිලිහි ගියේ කිරින්ද මුහුදු තීරයේදීයි. ඉතා අවධානම් ස්ථානයක සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට මෙම කණ්ඩායමේ තරුණයකු උත්සාහ කළා. ඒ සදහා තම ඥාති සොහොයුරියකටත් අරාධනා කළද ඇය එය ප්‍රතික්ෂේප කළා.
අවසානයේ තනිවම සෙල්ෆියක් ගැනීමට සිතූ තරුණයා ක්ෂණිකව පය ලිස්සා මුහුදට ඇද වැටුනේ සියලු දෙනාම බලා සිටියදීයී. ඩී.එල් අනුරාධ නැමැති විවාහකයකු වන මෙම පුද්ගලයාගේ සිරුර තවමත් සොයාගැනීමට හැකි වූයේ නැහැ.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ සිටම සිරුර සෙව්වද මෙම ස්ථානයෙහි මුහුදු ඉතාමත් රළු බැවින් එම කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. වෙරළාරක්ෂක කණ්ඩායම් පවසන්නේ මෙම ස්ථානය අධික අවධානම් ප්‍රදේශයක් බවයි.