කසල තේ තොගයක් මීරිගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීරිගම පොලීසියයි වැටලීම සිදු කළේ. විදේශ රටකට යැවීම සදහා ප්රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝග්රෑම් 4980 ක් ඒ අතර තිබුණා. මළු 187 ක ඒවා සගවා තිබූ බවයි පොලීසිය ප්රකාශ කරන්නේ. කසල තේ ප්රවාහනය කළ ලොරි රථය සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.