Life+News The Official News Portal of Independent Television Network Ltd

නාවික හමුදා රග්බි කණ්ඩායම පරදා CH&FC කණ්ඩායම තියුණු ජයක් හිමිකර ගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:53

නාවික හමුදා රග්බි කණ්ඩායම පරදා CH&FC කණ්ඩායම තියුණු ජයක් හිමිකර ගනී

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායම සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත් වුණා.

කොළඹ නව තුරග තරග රග්බි ක්‍රීඩා පිටියේ පැවති තරගයේ මුල සිටම කණ්ඩායම් දෙකම කරට කර තරග රටාවක නිරත වුණා.

මේ අනුව පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම ලකුණු 14 බැගින් ලබා සම තත්ත්වයේ පසු වුණා.

එහෙත් දෙවන අර්ධයේදී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ සී එච් ක්‍රීඩකයින් නාවික හමුදා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළා.

මේ අනුව තරගය නිමා වනවිට ගෝල දිනුම් හතරක් සමගින් ලකුණු 31 ක් ලබා ගැනීමට සී එච් ක්‍රීඩකයින් සමත් වුණා.

ඒ වන විට නාවික හමුදා කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 28 ක් පමණයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්