Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණයන් දෙදෙනෙකුට මරු කැඳවූ මාවතගම රිය අනතුර

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:12

තරුණයන් දෙදෙනෙකුට මරු කැඳවූ මාවතගම රිය අනතුර

පාදුක්ක මාවතගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

යුතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ.

මීපේ සිට අවිස්සාවේල්ල  දක්වා ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ලොරි රථයක් පසුකර යාමට උත්සාහ දරා තිබෙනවා.

එහිදී ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක් යතුරුපැදියේ ගැටීමෙන් අනතුර සිදු වුණා.

එහිදී යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනා තුවාල ලැබූ අතර ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී තරුණයන් දෙදෙනා මිය ගිය බවයි පොලීසයි සදහන් කළේ.

පාදුක්ක පොලීසිය මගින් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ගැනුනා.

ඔහු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්