ඩෙංගු අධි අවධානම් කලාපවල ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් හෙට ආරම්භ කෙරෙනවා. ප්‍රදේශ කිහිපයකට බලපෑ ගංවතුර තත්ත්වය වැනි හේතුම මත ඩෙංගු පැතිරයාම, වර්ධනයක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන් හෙට සහ අනිද්දා දක්වා දිනයේදී ක්‍රියාත්මක කෙරෙනවා. බස්නාහිර පළාත, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්වල හදුනාගත් වැඩි අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 40 ක මෙම වැඩසටහන් සිදු කිරීමට නියමිතයි. ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව මෙය සිදු කෙරෙනවා. නිවාස, පාසල්, වැඩබිම්, ආයතනය, කර්මාන්තශාලා, ආගමික ස්ථාන ඇතුළු පරිශ්‍ර මෙහිදී නිරීක්ෂණය කෙරෙනවා. මේ සදහා ත්‍රිවිද හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 590 ක් මේ සදහා දායකත්වය ලබා දෙනවා.