සේනා දළඹු වසංගතය උඩරට එළවළු වගාවට ද ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වැලිමඩ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ හසන්තා උදයංගනී මහත්මිය පවසනවා. ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසද ඇය ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.
හසන්තා උදයංගනී – වැලිමඩ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/Y1v_Cvkat1M”]
බඩඉරිගු, උක් ඇතුළු භෝග වර්ග කිහිපයකට සේනා නැමැති දළඹු විශේෂයෙන් හානි සිදු වී තිබෙනවා. සේනා නැමැති දළඹු විශේෂය මර්දනය කිරීම සදහා සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 50 ක් වෙන්කර තිබෙනවා. කෘමිනාශක මිලදී ගැනීම සදහා සියයට 50 ක සහනාධාර ලබාදීමට රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කරනවා. ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් කෘමිනාශක ඉසීම පිළිබදව ද පසුගිය දිනවල විශේෂ අවධානය යොමුකෙරුණා.