පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා වන විට රැඳවියන් 476 දෙනෙකුට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම නියම කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කාන්තාවන් පනස් දෙනෙකු ද එම පිරිසට ඇතුලත්. මරණ දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 1299 දෙනෙකු ද බන්ධනාගාර තුළ සිටින බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නෙ. කාන්තාවන් 34 දෙනෙකු ද එම පිරිසට ඇතුලත්ව තිබෙනවා.