මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණ සහ වංචා පිලිබදව වාර්තා කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සති දෙකක සහන කාලයක් ලබාදි තිබෙනවා.
ඒ වෙනුවෙන් ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවයි විදුල් සන්දේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කළේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් සහ ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන් දැනුවත් කිරිම අද (09) සිදුවුණේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. සියලු ගැටලු කඩිනමින් අවසන් කර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරිම සියලුදෙනාගේ වගකීම බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.