ඌව පළාතේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 110 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 7,750,000.00 ක ශිෂ්‍යත්ව ප්රදානය කරන ලදී.
ඌව පළාතේ බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කවල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීම 2019 ජනවාරි මස 05 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 24 ක්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 74 ක් සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 12 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 11, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 40 සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 5 දෙනෙකු සදහා රු.1,395,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් ලබාදෙන ලදී.
මොණරාගල දිස්ත්‍රික්කයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 03, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 11 සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 1 දෙනෙකු සදහා රු.370,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 10, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 23 සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 6 දෙනෙකු සදහා රු. 985,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් ලබාදෙන ලදී.
කාර්යාංශයේ මගින් වාර්ෂිකව මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතවී සිටින දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සදහා රු.20,000.00 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවෙකු සදහා රු.25,000.00 බැගින් හා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවෙකු සදහා රු.35,000.00 බැගින්ද මුල්‍යමය ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් සභා මන්ත්‍රිවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.