වයස අවුරුදු 23 න් පහළ ජාතික පාපන්දු සංචිතය තොරාගැනීමේ මූලික පරීක්ෂණ බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේදී මේ දිනවල පැවැත්වෙනවා.
මෙම වසරේ දී පැවැත්වීමට නියමිත දකුණූ ආසියා ක්‍රීඩා උළෙල හා වයස අවුරුදු 23 න් පහළ ආසියා පාපන්දු තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පාපන්දු සංචිතය පිහිටුවීමට ජාතික පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. ඊට මුලික පරීක්ෂණ මේ දිනවල බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. එහිදී තෝරාගන්නා ක්‍රීඩකයින් ආසියා කුසලාන වයස අවුරුදු 23 න් පහළ පාපන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට බහරේනයේදී එක්වීමට නියමිතයි.