Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ලග්ගල හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 12:19

නව ලග්ගල හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට

නවීන පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමිවූයේ ජනාධිපතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල්ඵල ගන්වමින්.

ඒ දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගග මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරුඵලයක් ලෙසින්. එම ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් තුන්දහසක් වෙනුවෙන්  කළු ගග ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට නව ලග්ගල නගරය ඉදිකර තිබෙනවා. අනාගත අවශ්‍යතා ද සලකා බලමින් නව නාගරික හා උද්‍යාන නගර සංකල්පයන්ට අනුව සැලසුම් සහගතවයි එය ඉදිකර ඇත්තේ. ඒ සදහා වන මුළු ආයෝජනය රුපියල් මිලිනය හාරදහස් පන්සීයක්. නගරයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටාර් 75 ක්. නව පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක්, සමූපකාර ගොඩනැගිලි සංකීර්ණයක්, ප්‍රාඑදේශීය සභා ගොඩනැගිල්ලක්, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් සහ මහජන පොළක් හා පොදු වෙළෙද සංකීර්ණයකින් ද එය සමන්විතයි. නව බස් නැවතුම් පොළක් සහ තැපැල් කාර්යාලයක් මෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන විසිහයක් නව ලග්ගල නගරයට අයත්. මෙම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගිලි 112ක් ඉදිකර තිබෙනවා. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2043ක්.  ප්‍රදේශයේ සමාජ ආර්ථික යටිතල පහසුකම් සැපයීම මෙන්ම ග්‍රාමීය මාර්ග පුළුල් කිරීම ද සිදුකර තිබෙනවා. කැළි කසල සහ අපද්‍රව්‍ය බැහැර කිරිම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව සකස් කළ නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙනවා. ලග්ගල නව නගරය දඹුල්ල, මාතලේ, නාවුල, මොරගහකන්ද, පල්ලේගම, වස්ගමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාදුරුකෝට්ටේ,  මහියංගන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වනවා. දඹුල්ල නගරයට සෘජුව සම්බන්ධවන ප්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන රැසක් මෙම ප්‍රදේශයට ළගාවනු ඇති. මාතලේ නගරයේ සිට ලග්ගල නගරයට ගමන් කිරීමට ගත වන කාලය  පැය හතරහාමාරේ සිට පැය එකහමාර දක්වා අඩුකර ගැනීමට හැකි වීම ද විශේෂත්වයක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ නගරය ඉදිකිරීම සදහා අදාළ භූමිය තෝරා ගෙන ඇත්තේ ප්‍රදේශයේ ජනතාව විසින්ම වීමයි. නව නගරය සැලසුම් කිරීමේ දී ස්වභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන තිබෙනවා. ජනගහන කේන්ද්‍රගතවීම මෙන්ම ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති පරිසරයක් වීමද වැදගත් කරුණක්. මේ අතර මොරගහකන්ද, කළුගග ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමිවූ ජනාතවට මෙරට වැඩිම වන්දි මුදල ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා ඒ පිළිබදව පෞද්ගලිකවම අවධානය යොමුකරමින් කටයුතු කර ඇති අතර එසේ ගෙවූ වන්දි මුදල රුපියල් කෝටි 1100කට අධිකයි. දේපළ වන්දිවලට අමතරව ජනතාව යළි පදිංචි කිරීමේදී සෑම පවුලකට අක්කර භාගයක ගෙවතු ඉඩමක් සහ අක්කර එකහමාරක කුඹුරු ඉඩමක් ද ලබා දී තිබෙනවා. මේ අනුව අද විවෘත කෙරුණු නව ලග්ගල නගරය  රටටම ආදර්ශයක් සපයන සැලසුම් සහගතම නගරය වනු ඇති.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 12:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්