ලෝක බැංකු සභාපති ජිම් යොන්ග් කිම් ධුරයෙන් ඉල්ලා අස්වුණා. පෙබරවාරි මස පලමු වනදා සිට එය ක්‍රියාත්මක බවයි ඔහු සදහන් කළේ.
2017 වසරේ දෙවැනි වරටත්, සභාපති ධුරයට පත්වූ ජිම් යොන්ග් ඉල්ලා අස්වන්නේ තවත් වසර තුනක් ඉතිරිව තිබියදීයි. කෙසේවෙතත් මෙම අනපේක්ෂිත ඉල්ලා අස්වීමට හේතුව සදහන් කරනැහැ. තුන්වැනි ලෝකයේ රටවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු සංවර්ධන ව්‍යාපෘති සදහා ඔහුගේ සමය තුළ විශාල දායකත්වයක් ලබාදුන්නා. නව සභාපතිවරයෙකු පත්කරන තෙක් තාවකාලිකව තනතුරේ පුරප්පාඩු පුරවන බවයි ලෝක බැංකු විධායක නිලධාරින් සදහන් කළේ. දකුණු කොරියා ජාතික කිම් යොන්ග් මෙම තනතුර සදහා නිර්දේශ කර තිබෙන්නේ හිටපු ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමායි. ඔහු වෛද්‍යවරයෙකු ලෙසත්, සේවය කර තිබෙනවා.