උතුරු කොරියා නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයකට එක්ව තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයක් මත මෙලෙස උතුරු කොරියා නායකයා චීනයේ සංචාරයක නිරත වන බවයි උතුරු කොරියා සහ චීන මාධ්‍ය වාර්තා කරන්නේ. උතුරු කොරියා නායකයා ඔහුගේ බිරිද වන රී සොල් ජූ ද සංචාරයට එක්ව තිබෙනවා. ඔහු ජනවාරි 10 වනදා දක්වා චීනයේ සංචාරය කරනු ඇති. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායකයා අතර දෙවන සමුළුව පැවැත්වීම සදහා සාකච්ඡා කෙරෙන අවස්ථාවේදී මෙලෙස උතුරු කොරියා නායකයා චීනයට පැමිණීම විශේෂත්වයක් වනවා. පසුගිය ජුනි මාසයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා හමුවීමට ප්‍රථමද කිම් ජොන් උන් චීන ජනාධිපතිවරයා හමු වුණා.