නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකින් කේරල ගංජා කිලෝග්‍රෑම් 114 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් පේදුරුතුඩුව මුහුදු වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් ඒවා අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ. සැකකරුවන් පළාගොස් තිබෙනවා. ඉදිරි නීතිමය කටයුතු සඳහා කේරල ගංජා තොගය පේදුරුතුඩුව පොලීසියට භාරදීමටයි කටයුතු කළේ.