නීතිවිරෝධි ලෙස මැණික් ගරමින් සිටි හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා. ඒ බගවන්තලාව කොටියාගල වතුයායේ.
තණබිමක විශාල ප්රමාණයේ වලවල් හාරා පරිසර හානියක් සිදුකරමින් ඔවුන් මැණික් ගරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් එම ප්රදේශයේම පදිංචිකරුවන් වන අතර ඉන් කිහිපදෙනෙකු අනවසර මැණික් ගැරීම්වල නිරතව සිටියදී මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ චූදිතයන් වූ අය බවද පොලිසිය සඳහන් කළා. සැකකරුවන් හත් දෙනාට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.