පාකිස්ථානයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා. පළමු ඉණිම වෙනුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය රැස්කළේ ලකුණු 177ක් පමණයි. දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 431ක් ලබගත්තා.
පාකිස්ථානය දෙවන ඉණිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 294ක්. ඒ අනූව තරග ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 41ක ඉලක්කයක් හිමි වුණා. එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවට හැකිව තිබෙනවා.