Life+News The Official News Portal of Independent Television Network Ltd

ගින්දරී 2 වැඩ අරඹයි…

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 13:00

ගින්දරී 2 වැඩ අරඹයි…

සිංහල සිනමාවේ නොමැකෙන නමක් තැබූ ප්‍රවීන අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා මේ වන විට ඔබ අප කවුරුත් බලා සිටි සිනමාපටයක් වන ගින්දරී 2 සිනමාපටයේ වැඩ  කටයුතු  ආරම්භ කර තිබෙනවා. මේ මස සිට  ගින්දරී 2 සිනමාපටයේ වැඩකටයුතු ආරම්භ කරන්නේ  ප්‍රවීන නවක රංගන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙනුයි..

ගින්දරී පළමු සිනමාපටයේ අවසානයත් සමඟ මෙම ගින්දරී 2 සිනමාපටය බැදී තිබෙනවා..පබෝධා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, චුලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, කීර්ති රත්නායක, චංචලා වර්ණසූරිය, ආනන්ද අතුකෝරල, සජීව මල්මාලආරච්චි, අනුර ශ්‍රීනාත්, නිල්මිණි කෝට්ටේගොඩ ආදීන් මෙහි රංගනයේ යෙදෙනවා.

කේ. ඩී. දයානන්ද ගින්දරී 2හි කැමරා අධ්‍යක්ෂවරයායි. ඩොනල්ඩ් ජයන්තගේ සහාය අධ්‍යක්ෂණයක් වන ගින්දරී 2 සිනමාපටයට         නලින් ප්‍රේමතිලක අංග රචනයෙන් එක් වෙයි. අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන් ද, අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් ද ආනන්ද පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද ගින්දරී  2 සඳහා එකතු වී තිබෙනවා. සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙන් වන අතර ගින්දරී 2 සිනමාපටයේ තිර රචනය මෙන්ම නිෂ්පාදනය ද සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගෙනි.

නුදුරේදීම තිරගතවීමට නියමිත ගින්දරී 2 සිනමාපටය විනෝදාස්වාදයට  බර වූ මෙරට ප්‍රේක්ෂකයන්ගේ නොමඳ රසාස්වාදයට ලක් වනු ඇත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 13:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්