උතුරු පළාතේ පවුල් පන් දහසකට නව නිවාස ඉදිකරදීම සඳහා කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණ තත්වයෙන් පවුල් පන්දහසකට පමණ නිවාස අහිමිවී තිබෙනවා. ඔවුන්ට කඩිනමින් නව නිවාස ඉදිකරදීමයි සැලසුම.
ඒ අනුව කිලිනොච්චි සහ මුලතිව් දිස්ති‍්‍රක්කවල තෝරාගත් පවුල් සඳහා මෙම නිවාස ඉදිකරදෙන බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ. වැඩකටයුතු ආරම්භ කිරීම ලබන 12 වෙනිදා සිදුකෙරෙනවා. එක් නිවසක් සඳහා රුපියල් හත් ලක්ෂ පනස් දහසක උපරිම මුදලක් ලබාදෙන බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගරපලන්සූරිය මහතා ප්‍රකාශ කළේ. මාස 4 ක් තුළ ව්‍යාපෘති අවසන් කිරීමයි අරමුණ. මේ වසර අවසානයට පෙර දිවයිනපුරා උදාගම්මාන 2500 ක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇති බවයි ලක්විජය සාගරපලන්සූරිය මහතා පවසන්නේ.