ස්වභාවික පරිසරයට ඇළුම් කරන විදෙස් සංචාරකයන්ට හෝටන්තැන්න ජෛව විවිධත්ව මධ්‍යස්ථානය ජනප්‍රිය වීම නිසා එක් දිනක් තුළ රුපියල් ලක්ෂ 29ක ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දෙසැම්බර් 29 වනදා ඔහිය හා පට්ටිපොළ හෝටන්තැන්න පිවිසුම්වලින් ලක්ෂ 29ක වාර්තා වී ඇතිබව හෝටන්තැන්න උද්‍යාන භාරකරු ජී.කේ.පී.එම්. ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
ජෛව විවිධත්වය අතින් සහ පුරා විද්‍යාත්මක ලෙස සුවිශේෂී වනාන්තරයක්වන හෝටන්තැන්න වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන්නකි. පසුගිය පාසල් නිවාඩු සමය හා විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයත් සමග හෝටන්තැන්න නැරඹීමට විශාල පිරිසකගේ පැමිණීමක් වාර්තා වී තිබේ.
කදුකර වනාන්තර හා නිවර්තන සදාහරිත වනාන්තරයක් ලෙස හෝටන්තැන්න නරඹන්නන්ගේ සිත්ගත් ස්ථානයක් බවට පත් වී තිබේ. ලංකාවේ උසම තැනිතලා භූමියවන මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300ත් අතර ප්‍රමාණයේ උසකින් යුක්තය.
පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇති බව සොයා ලෙන තිබේ. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒවාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස ”වල් කදුරු” (Innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් ”දඹ” (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංඛ්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන තිබේ.