අද සිට ක්රියාත්මක වන පරිදි සෞදි අරාබියේ කාන්තාවන්ට තම දික්කසාදය පිළිබඳව තොරතුරු කෙටි පණිවිඩයක් මගින් දැන ගත හැකි පරිදි නීති සකස් කර තිබෙනවා.
බිරින්දෑවරුන්ගේ දැනුවත්භාවයකින් තොරව බොහෝ ස්වාමිපුරුෂයන් ඔවුන් දික්කසාද කර තිබිම සෞදි අරාබියේ දැඩි අර්බුදයක් බවට පත්ව තිබෙනවා. කාන්තාවන්ට ඔවුන්ගේ විවාහය පිලිබදව දැන ගැනිමේ පරම අයිතියක් ඇති බවටයි සෞදි නීතිඥවරියන් අධිකරණයට පෙන්වා දුන්නේ. ඒ අනුව තම දික්කසාදය පිලිබද තොරතුරු කෙටි පණිවුඩයක් මගින් දැන ගත හැකි පරිදි නීති සකස් කර තිබෙනවා.
සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරුයි මෙම නීතිමය පියවර ගැනිමට මුලිකත්වය ගෙන තිබෙන්නේ. පාපන්දු තරග නැරඹිමට , රියදුරු බලපත්ර ලබා ගැනිමට මෙන්ම තමන් කැමති ඕනෑම වෘත්තියක නිරත වීමට අවස්ථාව ලබා දිම ආදිය කාන්තාවන්ට සෞදි අරාබියේ කාන්තාවන්ට මෑත කාලීනව ලැබි ඇති වරප්රසාදයි.