ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන මේ වසරේදී වේගවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉඩම් කොටස් අසූ දහසක් මැන පිඹුරුපත් සකස් කර අවසන් බවයි මිනින්ද්යෝරු ජෙනරාල් පී එම් පී උදයකාන්ත මහතා ප්රකාශ කළේ. නව තාක්ෂණය යොදාගනිමින් ඉඩම් මැනීම වේගවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඉදිරි මාස හය තුළ එම කටයුතු වේගවත් කිරිම අරමුණයි. ඒ සඳහා මිනින්ද්යෝරු දෙපාර්තමේන්තුවට නව කාර්ය මණ්ඩල බඳවා ගැනීමට ද ඉල්ලුම් කර ඇති බවයි උදයකාන්ත මහතා සඳහන් කළේ.