පොලීසියට අපහාස වන අයුරු නිරූපණය වන විඩියෝවක් අන්තර්ජාලයට එක් කළ බව කියන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට ලබන විසි හතරවනදා යළි පෙනී සිටින ලෙස වවුනියාව අධිකරණය නියෝග කළා.
වවුනියාව යාපනය ඒ නවය මාර්ගයේදී තරුණයන් දෙදෙනෙකු පොලිස් අනුරුවකට අල්ලස් ලබා දෙන අයුරු රූගත කර පසුගියදා අන්තර්ජාලයට මුදා හැර තිබුණා.
පොලිසියට අපහාස කිරීම, අල්ලස් ලබා දීමට ජනතාව පෙලඹවීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.
සැකකරුවන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කෙරුනු අතර අනතුරුව ඇප මත නිදහස් කෙරුණා.
කෙසේ වෙතත් ඔවුන්ට ලබන විසිහතර වනදා යළි අධිකරණයේ පෙනි සිටින ලෙස අධිකරණය දැනුම් දී තිබෙනවා.