ජා ඇල වැලිගම්පිටිය ප්රදේශයේදී සිදු වු රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු බරපතළ තුවාල ලැබුවා.
කන්ටේනර් රථයක රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා එය මාර්ගයෙන් ඉවතට පැන ත්රී රෝද රථයක ගැටී අසල තිබු නිවසක් වෙතටද කඩා වැදී තිබෙනවා. සිද්ධියෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කන්ටේනර් රථයේ රියදුරු සහයකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. රියදුරු බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අදාළ නිවස අසල නවතා තිබු ලොරි රථයකටද අනතුරෙන් හානි සිදු වුනා. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.