මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පරීක්ෂණ දුම්රිය හෙට ධාවනය කෙරෙනවා.
පෙරවරු 10 ටයි පළමු දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන්නේ.
මාතර සිට කතරගම දක්වා යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදුවන්නේ අදියර තුනකින්.
එහි පළමු අදියර වන කිලෝමීටර 26 ක කොටස මාතර සිට බෙලිඅත්ත දක්වා මේ වනවිට ඉදිකර අවසන්.
ඉන් සියයට 10 ක පමණ දුම්රිය මාර්ගය ඉදිකර ඇත්තේ ගුවන් පාලම් මතින්.
පළමු අදියර ඉදිකිරීම සඳහා වැය කළ මුදල ඇමරිකා ඩොලර් මිලියන 278 ක්.