ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියට අදාළව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන අයට මාධ්‍යයට කරුණු ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස අධිකරණය නියෝගයක් නිකුත් කළා.
කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි නියෝගය නිකුත් කළේ. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට නාමල් කුමාර යන අය වරින් වර මාධ්‍යයට අදහස් දැක්වීම බාධාවක් බවට රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.