මාතර,බෙලිඅත්ත පළමු දුම්රිය ධාවනය අනිද්දා(06) සිදු වෙනවා.
අලුතින් ඉදිකළ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය නිරීක්ෂණය කිරීම සදහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම අනිද්දා(06) සිදු වෙනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදුවන්නේ. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගය අදියර තුනකින් නිම කිරීම රජයේ සැලසුමයි. මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස පළමු අදියර යටතේත් දෙවන අදියර යටතේ බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාත්, තුන්වන අදියර යටතේ හම්බන්තොට සිට කතරගම දක්වාත් ඉදිකිරීම් කටයුතු සිදුවනවා. දුම්රිය මාර්ගයේ මුළුදුර කිලෝමීටර 113කි. මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටසේ ඉදිකිරීම් සදහා ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසිය හැත්තෑ අටයි දශම දෙකක්. චීන එක්සිම් බැංකුව මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශනය යටතේ මෙහි අධීක්ෂණ කටයුතු සිදුවෙනවා.