ති‍්‍රපිටකය ආරක්ෂා කිරිම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කරගන්නා බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළා. ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී හෙට පැවැත්වෙනවා.
නිර්මල බුදුදහම සුරක්ෂිත කොට ජාත්‍යන්තරයට රැගෙන යාම ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස පත්කිරීමෙන් ආරම්භ වන බව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.