කළුතරදී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පයාගල ප්රදේශයේදීයි. එම පුද්ගලයා ළඟ තිබී පිස්තෝලයක් සොයා ගැනිමට හැකි වූ බවයි මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.
වෙඩි තැබීම සිදුවුණේ පසුගිය පළමු දා රාත්රියේදීයි. තුවාල ලැබූ ව්‍යාපාරිකයා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පිළිබඳ හදුනාගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දෙපිරිස අතර ඇති වූ ආරවුලක් ඊට හේතුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.