Life+News The Official News Portal of Independent Television Network Ltd

නව වසරේ නව රජෙක්…

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 14:07

නව වසරේ නව රජෙක්…

2019 මැයි මස 4 වැනි දා සිට 6 වැනි දා දක්වා කාලය තායිලන්තයට රාජකීය උත්සව සමයක්. ඒ  මහා වජිරාලෝංකෝන් තායිලන්තයේ රජු ලෙස පත් කීරීමේ නිල උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබීම හේතුවෙනුයි..

2016 වසරේදී සිය පියා අභාවප්‍රාප්ත වීමෙන් පසු මහා වජිරාලෝංකෝන්ට තායිලන්තයේ රජකම හිමිවන බව පසුගියදා ප්‍රකාශයට පත් වුණා. ඒ අනුව 66 හැවිරිදි මහා වජිරාලෝංකෝන් එළැඹෙන මැයි මස 4 වැන දා තායිලන්තයේ රජු ලෙස පත්වීමට නියමිත  බවයි තායිලන්ත රාජකීය මාළිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

තායිලන්ත රාජ මාළිගාව නිවේදනය කරන පරිදි මැයි මස 3 වැනි දා රාජකීය කිරුළ නිල වශයෙන් කිරුළු පළඳවනු ලබන අතර, මැයි 5 වැනි දින සැමරුම් පෙළපාලියක් පැවැත්වීමට නියමිත යි.

මැයි මස 6 වැනි දින රාජකීය සහ විදේශීය සම්භාවනීය අමුත්තන් හමුවීමටයි නව රජු තීරණය කර තිබෙන්නේ…

1932 සිට තායිලන්තය ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක් පවතින අතර එරට රජු ජනතාව හා සංස්කෘතියේ  ආරක්ෂකයා ලෙස අභිමානයෙන් සලකනු ලැබීම විශේෂත්වයක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 14:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්