ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා ඉදිරිපත්වන නිලධාරීන්ගේ අවසන් ලේඛනය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බව එහි නිලවරණ කමිටුව පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 7 වනදා පැවැත්වීමට සැළසුම්කර තිබෙනවා. ඊට නාමයෝජනා භාර ගැනීම පසුගිය 17 වනදායින් අවසන් වුණා. මෙම නාමයෝජනා සදහා විරෝධතා භාර ගැනීම අද දිනයේත් සිදුවනවා. නිලවරණය සදහා ඉදිරිපත්වන අවසන් අපේක්ෂක ලැයිස්තුව ලබන 14 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 9 වනදාට පෙර පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.