උතුරු කළුතර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමට අදාළ සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි එම කාර්යාලය තවදුරටත් පවසන්නේ. උතුරු කළුතර පොලිස් වසමේ ගාලුපාර තොටුපොළ හන්දිය අසලදී මෙම වෙඩි තැබීම සිදුවූයේ ඊයේ රාත්‍රී 10 යි 35 ට පමණ. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර සිටිනවා. මෙය කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් සිදුකර ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ. වෙඩි තැබීම සදහා පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවද පොලීසිය සදහන් කරනවා.
මේ අතර ඊයේ සහ අද අලුයම ස්ථාන තුනකදී පුද්ගලයන් තුන්දෙනෙකු ඝාතනය කර තිබෙනවා. රත්නපුර දෙයියන්ගේගම, හබරාදූව අගුලුගහ සහ උඩුගම කුරුන්ද යන ප්‍රදේශවලදී එම ඝාතන සිදුකර තිබෙනවා.