ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්රමුඛ අරමුණ කරගනිමින් නව වසරේ සංවර්ධන සැළසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ පැවති පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පල කළා.
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ 2018 වසරේ ප්‍රගතිය සහ 2019 වසරේ සැළසුම් පිළිබද අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්යෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ලක් වුණා. වසර ගණනාවක් පුරා සංවර්ධනය අතපසු වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියන 9615 ක මුදලක් වැයකර ඇති බවත් එහි මූල්‍ය ප්‍රගතිය 100%ක් බවත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම රැස්වීමේදී පෙන්වා දුන්නා. දිලිදුකම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වැඩසටහන් වල ප්‍රගතිය මෙහිදී විමසා බැලුණා. රාජ්‍ය ආයතනවල පවතින මානව සම්පත් හිගයට විසදුම් ලබාදීම ද එහිදී අවධානයට ලක් වූ කරුණක්. නව බස්නැවතුම්පලේ ඉදිකිරීම් , කසල කළමනාකරණ වැඩසටහන් ඇතුළු පොළොන්නරුව නගර සංවර්ධන කටයුතු පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. පවතින කාලගුණික තත්ත්වය සමග කෘෂිකාර්මික කටයුතුවල නව පිබිදීමක් ඇතිවී තිබෙන අතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 වසරට අදාළ නව සංවර්ධන යෝජනා පිළිබද සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව චන්ද්‍ර මණ්ඩපයේදීයී. දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙම සාකච්ඡාවට සියලු මන්ත්‍රීවරුන් කැදවා තිබුණා. මෙහිදී සාකච්ඡාවට බදුන්වූයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදවයි. නව සංවර්ධන යෝජනා ජනවාරි 10 වනදාට පෙර පොළොන්නරුව තම කාර්යාලයට භාර දෙන ලෙස ජනාධිපතිතුමා සියලු පළාත් පාලන නියෝජිතයින්ට උපදෙස් ලබා දුන්නා. එහිදී තවදුරටත් ජනාධිපතිතුමා සදහන් කළේ එම ව්‍යාපෘති අතරින් ප්රමුඛත්වයක් ලබාදිය යුතු ව්‍යාපෘති කවරේද යන්න සාකච්ඡා කොට ඒවා කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවයි.