ඉන්දුනීසියාවේ ජාවා දූපතේ නායයාමක් හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 38 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.
ඉන්දුනීසියාවේ ජාවා දූපතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයාම් රැසක් වාර්තා වුණා. බටහිර ජාවා ප්රදේශය ආශ්රිතව සිදු වූ නායයාමෙන් නිවාස 30 ක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. එම නිවාසවල සිටි පුද්ගලයින් පස් දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.