නව වසර ශ්‍රී ලාංකේය ජනතාවගේ සියලු ප්‍රාර්ථනා ඉටුවන සෞභාග්‍ය සැලසෙන වසරක් වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබපැතුම් එක් කරනවා.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද නව වසර වෙනුවෙන් සුබපැතුම් එක්කළා. ගත වූ වසරේ ගෙවූ ජීවිතය මෙන්ම ජය පරාජයන් සහ සරු නිසරුකම් පිළිබද යළි මෙනෙහි කිරීමට සුදුසුම කාලය මෙය බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.
නව වසර වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට සුභාසිංශන පිරිනමමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දේශයටත් ජනතාවටත් නව අරමුණු , අධිෂ්ඨාන පෙළ ගැසෙන නව යුගයක උදාව සමගින් මෙම වසර එළඹි බවයි.
මේ අතර නව වසර ලංකාවාසී ජනතාවට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සුබපැතුම් පණිවුඩයක් නිකුත් කළා. ආගම් , ජාති බේද පසෙකලා සියලු ශ්‍රී ලාංකිකයින්ට එකමුතුව මව්බිම සතුරු බලවේගවලින් බේරා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායිද මහින්ද රාජපක්ෂ මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් සදහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා නිකුත් කර ඇති පණිවුඩය,
අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති පණිවුඩය,