Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕපල් කම්පනය තවමත් අභිරහසක්…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 15:48

ඕපල් කම්පනය තවමත් අභිරහසක්…

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටා ඇති මහල් 38කින් යුත් ඕපල් කුලුන අභ්‍යන්තරයෙන් ඇසුණු  විශාල කම්පන ශබ්දයත් සමඟ ඇති වූ පිපිරුමක් දිස් වීමත් සමඟ එහි වැසියන් හට වහා ඉන් ඉවත් වන ලෙසට පසුගියදා අනතුරු අඟවා තිබුණා.

මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලද දෙවැනි වාරය මෙයයි. නමුත් එහි ව්‍යුහාත්මක දෝෂයක් නැති බවත්,එහි නේවාසිකයන් ඉවත් කළේ පූර්ව ආරක්ෂණයක් ලෙස පමණක් බවත්, තම සමාගමේ ඉන්ජිනේරුවන් යොදවා සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරන බවත් මෙම මහල් ගොඩනැඟිල්ල ඉදි කළ සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

යම්කිසි පිළිසකර කිරීමක් අවශ්‍ය නම් ඒ සඳහා මෙය අවස්ථාවක් කරගැනීමට ද එම සමාගම බලාපොරොත්තු වන බවයි සඳහන් වෙන්නේ.  එමෙන්ම නැවතත් ගොඩනැඟිල්ලේ වැසියන් හට මෙවැනි බාධාවක් සිදුවීම වැළැක්වීම ඔවුන්ගේ අරමුණයි.

නමුත් මෙම ගොඩනැගිල්ලේ හානිය තවමත් නොදන්නා කරුණක් මෙන්ම අභිරහසක් බවට පත් වී ඇති බවයි එරට ආරංචි මාර්ග සඳහන් කරන්නේ..

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 15:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්