Life+News The Official News Portal of Independent Television Network Ltd

මැද පෙරදිගට පමණක් විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරිම අදින් අවසන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 08:38

මැද පෙරදිගට පමණක් විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරිම අදින් අවසන්

මැදපෙරදිග රටවල් සඳහා පමණක් විදෙස් ගමන් පත‍්‍ර නිකුත් කිරිම අදින් අවසන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

හෙට සිට සියලු රටවල් සඳහා යන ක‍්‍රමවේදය යටතේ පමණක් විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරිමට නියමිතයි. මැදපෙරදිග රටවල් සඳහා පමණක් වන කාණ්ඩය යටතේ දැනට නිකුත් කර ඇති බලපත‍්‍රවල වලංගු කාලය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක බවයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා පෙන්වා දුන්නේ.

සාමාන්‍යයෙන් වසරකට මැදපෙරදිග සහ සියලු රටවල් සඳහා විදෙස් ගමන් බලපත‍්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කරන බවද ආගමන විගමන පාලකවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 08:38
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්