නව ගුවන් සේවාවක් ශ්‍රී‍්‍ර ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කළා.
චීනයේ චොන්චින් ගුවන් සේවය එරට චොන්චින් ගුවන් තොටුපොළ දක්වා ඍජු ගුවන් ගමන් සේවා ඊයේ රාතී‍්‍රයේ ආරම්භ කළ බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු ප්‍රකාශ කළේ.
ගුවන් මඟීන් 152 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු රැගත් ඒ 320 නියෝ වර්ගයේ යානය චොන්චින් සිට කටුනායක දක්වා යළි පැමිණ තිබෙනවා.
ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ රථ මගින් ජල ප්‍රහාර ඉසිමින් උත්කර්ෂවත්ව යානය පිළිගත් බවයි ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කළේ.
සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාතී‍්‍ර 9.10 ට කටුනායකට පැමිණෙන මෙම ගුවන් යානා එදිනම රාතී‍්‍ර 10.10 ට චීනය බලා පිටත්ව යාමටයි සැලසුම් කර තිබෙන්නේ.