යහපත් සෞඛ්‍ය මට්ටමක් පවත්වාගෙන යාමට උපකාරී වන සරල ක්‍රම කිහිපයක් පිළිබදව ලන්ඩන් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් කරුණු හෙළිකළා.
ඒ ඔවුන් සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඑල එළිදක්වමින්. යෝගා අභ්‍යාසවල නිරතවීම, දිවීම ඇතුලු ශාරීරික ව්‍යායාම් සිදුකිරීම සහ එළවළු පළතුරු ආහාරයට ගැනීම ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
ආතතිය, සෞඛ්‍ය ගැටලු රැසකට ප්‍රධානතම හේතුවක් බවට හෙළිකරගෙන තිබෙනවා. ඒ අනුව යෝගා අභ්‍යාස මගින් අතතිය මුළුමණින්ම පාලනය කරගත හැකි බවයි පර්යේෂණ සිදුකළ ලන්ඩන් වෛද්‍ය විශේෂඥයන් සඳහන් කළේ.
සිනහවීම සහ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමෙන් ද සෞඛ්‍ය ගැටලු රැසකට විසඳුම් ලැබෙන බව සමීක්ෂණයෙන් හෙළිව තිබෙනවා.