Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩුකළ සහනය ජනතාවට නොදුන් බස් රථ ගැන පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 09:01

අඩුකළ සහනය ජනතාවට නොදුන් බස් රථ ගැන පරීක්ෂණ

අඩුකළ බස් ගාස්තු සහනය මඟී ජනතාවට ලබා නොදුන් බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි 15 ක් ලැබී ඇති බව බස්නාහිර පළාත් මර්ගස්ථ මඟී ප‍්‍රවාහන අධිකාරිය ප‍්‍රකාශ කළා. අඩුකළ බස් ගාස්තුව බස් රථවල ප‍්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී තිබෙනවා.

කොට්ටාව, මීගොඩ, අඟුලාන, දෙල්ගොඩ, මතුගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන බස් රථ කිහිපයකට එරෙහිව මෙලෙස පැමිණිලි ලැබී ඇති බවයි එම අධිකාරිය පෙන්වාදෙන්නේ. ඔවුන්ට එරෙහිව කඩිනම් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා. අඩුකළ බස් ගාස්තු සහනය ජනතාවට ලබාදීම සඳහා බස් රථ සේවකයන් හා හිමිකරුවන් කටයුතු කළයුතු බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 09:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්