Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් උදාගම්මාන 92 ක වැඩ ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 08:57

තවත් උදාගම්මාන 92 ක වැඩ ඇරඹෙයි

උදාගම්මාන 92 ට මුල්ගල් තැබීම අද සිදුවෙනවා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මුලතිව්, කිලිනොච්චි සහ කොළඹ දිස්ති‍්‍රක් හැර අනෙකුත් දිස්ති‍්‍රක්කවල මෙම උදාගම්මාන ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මේ මස 31 වෙනිදාට පෙර තවත් උදාගම්මාන 11 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක් විජය සාගර පලන්සූරිය මහතා සඳහන් කළේ.

2015 වසරේ සිට මේ දක්වා ඉදිකර ඇති උදාගම්මාන සංඛ්‍යාව 1474 ක්. රුපියල් මිලියන තිස් දහසකමුදලක් ඒ සඳහා වැය කර තිබෙනවා. ව්‍යාපෘති යටතේ පවුල් ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවකට නිවාස පහසුකම් ලබාදීමට හැකිවී ඇති බවයි ලක්විජය සාගර පලන්සූරිය මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 08:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්