පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කමිටුව අද(27) යළි රැස්වෙනවා. පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඔවුන් රැස්වන බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ.
චමල් රාජපක්ෂ,රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාදිරාජා යන මන්තී‍්‍රවරුන් ඊට ඇතුලත්. කමිටුව සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නැරඹීම අවසන් කළා. ඊට අදාළ වාර්තාව සකස් කිරීමයි දැන් සිදුවන්නේ.