ශ්රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්රිකට් තරගය හෙට ආරම්භ වනවා. ඒ නවසීලන්තයේ ක්රයිස්චර්ච් හිදීයි.
ශ්රී ලංකා වේලාවෙන් තරගය ආරම්භ වන්නේ පෙරවරු හතරටයි. තණතීරුව වේගපන්දු යවන්නන්ට උචිත ලෙස හැසිරෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. කෙසේවෙතත් නවසීලන්තයට එරෙහිටෙස්ට් ක්රිකට් තරගාවලිය ජයග්රහණය කිරිම සදහා උපරිම ලෙස ක්රිඩාකරන බවයි ශ්රී ලංකා ක්රීඩකයන් සදහන් කළේ. දෙරට අතර පැවැත්වෙන 16 වන ක්රිකට් තරගාවලිය ද මෙයයි.