පාප් වහන්සේ ලෝක ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ වතිකානුවේ ශාන්ත පීටර්ස් බැසිලිකා දේවස්ථානයේ නත්තල් දේව මෙහෙයට එක්වෙමින්.
සංවර්ධිත රටවල ජනතාව සරල ජීවිතයක් ගත කිරිම සදහා අවධානය යොමු කිරීම වැදගත්වන බවයි උන් වහන්සේ පෙන්වා දුන්නේ.ලෝකයේ දිලිදු සහ ධනවත් රටවල් අතර පවතින්නේ දැඩි පරතරයක්. දිලිදු ජනතාව වෙනුවෙන් උපකාර කිරිමයි මුලික වගකීම වන්නේ. ඒ පිළිබඳව සියලු ලෝකවාසීන්ගේ අවධානය යොමුවිය යුතු බව පාප්වහන්සේ පෙන්වා දුන්නා. බෙදාගැනීම සහ පරිත්‍යාගය වඩාත් උසස් ක්‍රියාමාර්ගයක් බවත්, එහිදී උන් වහන්සේ සදහන් කර තිබෙනවා.