Life+News The Official News Portal of Independent Television Network Ltd

නිහඬ හඬක් වූ නත්තල් ලාංඡනය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2018 08:00

නිහඬ හඬක් වූ නත්තල් ලාංඡනය

ජේසුස්ගේ උපතට බොහෝ කාලයකට පෙර ජීවත් වූ මිනිසුන්ගේ ආගමික විශ්වාසයන් ගැන ස්වීඩනයේ සහ නෝර්වේ රටවලින් පුරාවිද්‍යාත්මක තොරතුරු හමුවෙනවා..පර්යේෂකයන් පවසන්නේ ස්වීඩනය හා නෝර්වේ රටවල සයිප්‍රස් ගසට යම් සමානකමක් දක්වන ස්පෲස් නමැති සදාහරිත ගස අතීතයේ පූජනීය දේවල සංකේතයක් ලෙස භාවිත කළ බවයි.

ස්වීඩනයේ සහ නෝර්වේ රටේ ගල්වල කොටා ඇති විවිධ ඉපැරණි පින්තූරවලින් අපට නත්තල් ගස ගැන යමක් උගන්වනවා. ඒ රටවල ස්ථාන 5,000ක පමණ එවැනි පින්තූර 75,000ක් පමණ දකින්න තිබෙනවා. පුරාවිද්‍යාඥයන් පවසන්නේ ඒවා කොටා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1,800ත් 500ත් අතර කාලයේ දී බවයි.

යුරෝපා ජාතිකයන් ද සදාහරිත ශාක බොහොම පූජනීයත්වයෙන් සලකනවා. දෙසැම්බර් මාසයේ උදාවත් සමගම ඇපල් දොඩම් , චෙරි , රෝස වැනි ගස්‌ අලංකාර කරමින් දේව ගීතිකා ගායනය කිරිම සිද්ධ කළා. ක්‍රිස්තු උපතට පෙරාතුව විවිධ අන්දමින් සරසන ලද ගස්‌ ” ක්‍රිස්තු ගස්‌ ” විදිහට සැලකුන අතර ජේසුගේ උපතෙන් පසුව මෙම සරසන ලද ගස්‌ ” නත්තල් ගස්‌ ” විදිහට සලකනු ලැබුවා.

පුරාණ කාලයේ නත්තල් ගසක්‌ නිවසට පැමිණියේ වසරේ කෙටිම දිනය විදිහට සැලකෙන දෙසැම්බර් 21 වැනි දිනයි.බ්‍රිතාන්‍ය සිරිතකට අනුව නිවසේ සියලු දෙනාම අත ගසා ඇතුලට ගනු ලබන ශාක අත්තක නත්තල් දිනයේදි පුලුස්‌සා ලබාගන්නා අලු සහ අඟුරු නිවසේ ආරක්‌ෂාව වෙනුවෙන් ලබා දෙනවා. ස්‌පාඤ්ඤ වැසියන් මෙම ගස මල් සහ ඉදිකටුවලින් සරසන අතර යක්ෂ ආත්මයන් දුරු කරන බලයක්‌ මේ ගස්‌වල අන්තර්ගතව තිබෙතැයි විශ්වාස කරනු ලැබුවා.

ජර්මන් ජාතිකයන් දෙසැම්බර් 24 වැනි දින නත්තල් ගස ඇපල්වලින් සරසනවා. ආදම් සහ ඒවගේ තහනම් ගසේ ගෙඩි සිහිපත් කරමින් නත්තල් ගස රතු සහ කොළ ගෙඩිවලින් සරසනු ලබනවා.

1851 වසරේ දී ඇමරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌ නුවර වීදි වෙතට මෙම ගස රැගෙන ආවේ ” මාර්ක්‌ කාර්” නම් තැනැත්තෙක්‌

රෝම ජාතිකයන් ”සැටර්න්” දෙවියන්ගේ උත්සවයන් වෙනුවෙන් මෙම ගස්‌ යොදා ගත්තා. 1605 වසරේ දී ජර්මනියේ ”ස්ට්‍රාග්බර්ග්” රාජ්‍යයේ අලංකාර ලෙස සරසන ලද නත්තල් ගසක්‌ දැක ගන්නට ලැබුණ අතර 1610 වසරේ මේ වෙනුවෙන් කුඩා සැරසිලි යොදා ගත්තා. බ්‍රිතාන්‍යයට සරසන ලද නත්තල් ගසක්‌ හඳුන්වා දුන්නේ වික්‌ටෝරියා රැජිනගේ ස්‌වාමිපුරුෂයා වූ ඇල්බට්‌ කුමරු විසින්. ඔහු වින්ඩ්සර් කාසල් රජ පවුලේ සැමරුම වෙනුවෙන් නත්තල් ගසක්‌ යොදා ගත්තා.

1880 වසරේ නත්තල් ගස්‌ වෙනුවෙන් ස්‌වභාවික ගස්‌ වෙනුවට කෘතිම ගස්‌ යොදා ගත්තා. යුද්ධ කාලයෙ ජර්මනියේ ගස්‌ කැපීම තහනම් වූ නිසා කෘතීම නත්තල් ගස්‌ යොදා ගත්තා.

තවත් ජනප්රසවාදයකට අනුව ක්‍රි .ව. 719 වසරේදී ” ශාන්ත බොනිපස්තුමා ජර්මනියට පැමිණි අවස්‌ථාවේ දී ජර්මන් වැසියන් විසින් වන්දනීයත්වයෙන් පිදුම් කළ ඕක්‌ ගසක්‌ කපා දමන ලදී. එතැනින් සුදු ලොත් ගසක්‌ මතු වුණ අතර මෙය ඇදහිල්ලේ සංකේතයක්‌ ලෙස පිළිගනු ලැබුවා.

නත්තල වෙනුවෙන් වූ සංකේතය විදිහට තරු සලකනවා. ජේසු බිලිඳා බලන්නට රජ තුන්කට්‌ටුව දිසාව දැන ගත්තේ තරු ආධාරයෙන් ය.එය සංඛේතවත් කිරීමට නත්තල් ගස තරුවලින් සරසනු ලැබුවා.

බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින සහ ඇල්බට් කුමරු ඔවුන්ගේ වින්ඩ්සර් කාසල් හි ගතකරන නිවාඩුව සැමරීමේ කොටසක් ලෙස ගසක් අලංකාර කිරීමට ආරම්භ කිරීමත් සමඟ 1848න් පසුව නත්තල් ගස ජනයා අතර අපූර්ව නත්තල් සැරසිල්ලක් ලෙස ජනප්‍රිය වී තිබෙනවා.

එතැන් සිට ශීත ඍතුවේ සීතල රාත්‍රී කාලයේ දී පවා ජීවිතය සශ්‍රීක වීම පෙන්වන නිහඩ හඩක් සහ දීප්තිමත් මතකයන් පෙන්වන සලකුණක් ලෙසද, ලොව පුරා නිවෙස් හා නගරවල නත්තලේ පොදු ලාංඡනය බවටද නත්තල් ගස පත්ව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2018 08:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්