Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන පළමුවනදා සිට සෑම ආසනයකටම රුපියල් මිලියන 300ක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 10:47

ලබන පළමුවනදා සිට සෑම ආසනයකටම රුපියල් මිලියන 300ක්

සංවර්ධන කටයුතු සදහා ලබන ජනවාරි පළමුවෙනිදා සිට සෑම ආසනයකටම  රුපියල් මිලියන 300 බැගින් ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ලබන වසර සංවර්ධනයේ වසර බවයි අමාත්‍යවරයා තවදුරටත්  පවසන්නේ.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සදහන් කළේ ඒ මහතා පිළිගැනීමේ උත්සවයකදී මාතරදීයී මෙම පිලිගැනීමේ උත්සවය පැවැත්වුණේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා  මාතර බෝධිය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතවී මහාසංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. අනතුරුව මාතර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදීයී උත්සවය පැවැත්වුණේ. ඊට විශාල පිරිසක් එක්ව සිටියා.

අමාත්‍ය මංගල සමරවීර,

මේ අතර වරාය හා නාවික කටයුතු හා දක්ෂින සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ සාගල රත්නායක මහතා පිළිගැනීමේ උත්සවයක් මොරවක නගරයේදී පැවැත්වුණා. රතිඤ්ඤා දල්වමින් , කිරිබත් කමින් ජය සැමරීම මෙහිදී සිදු කෙරුණා. ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 10:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්